Irithalunu Chethana by Lihini Minoda
| Title | Irithalunu Chethana |
|---|---|
| Artist | Lihini Minoda |
| Writer | Akash Tharuka Perera |
| Music | Nimesh Kulasinghe |
| Uploaded | Monday, 25 May 2026 - 10:27 AM |
| Share |
0:00/0:00
Irithalunu Chethana Lyrics & Song Details
ඉරිතැලුණු චේතනා පෙමින් තෙත්වී
මගහැරුණු කාරණා සොවින් වෙළුණී
අතහැරුණු භාවනා ලොවක තනිවී
සිහිකෙරුණු ගායනා හඬින් නිවුණී
අපේ ආල නෙතු මත්තේ
සහරාවේ නිළි වැස්සේ
මම කොහොම ඉවසම්දෝ
හිමි අහිමි හිත් අස්සේ
කැඩපතට සැඟවුවා කඳුළ උන්මාදයේ
හිතන්නත් බැරි වුණා සිසිල ගිම්හානයේ
යදින්නට සිහිවුණා පෙමැති අල්තාරයේ
විඳින්නට බැරිවුණා පොදය වස්සානයේ
සංසාර සෙවණැල්ල සිඹින රෑ යාමයේ
නිස්සාර හද සෙව්වේ තිලිණ දුන් මාලයේ
ඔබ නැතිව ඔබ එක්ක නිදිවැරූ කාලයේ
මුල අකුර වැරදුණේ මට ද අපෙ ආලයේ
අපේ ආල නෙතු මත්තේ
සහරාවේ නිළි වැස්සේ
මම කොහොම ඉවසම්දෝ
හිමි අහිමි හිත් අස්සේ
Frequently Asked Questions
Who sang Irithalunu Chethana?
Irithalunu Chethana is sung by Lihini Minoda.
Who created the music or lyrics?
Music is credited to Nimesh Kulasinghe. Lyrics are credited to Akash Tharuka Perera.
Where can I download Irithalunu Chethana?
Use the Download MP3 button on this page to continue to the Geenada download page.