Lyrics...Nirathuru Mama Oba (Cover)
×
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි...
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද...
මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ...
කළ යුතු කිසිවක් සිතට නො ඒ
මගෙ සිතිවිලි එක තැනක නොවේ...
දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි...
අප එක සෙවනක විසිය යුතුයි
නැත නැත අප එක් නොවිය යුතුයි...
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි...