Lyrics...Metiy Kale
×
මම නිවෙමි තවම රහසින්..
මැටි කලේ පිරුණ සිලිලෙන්
නුඹෙ දෙතොල සිපගනීනම්
මහ ඔයේ සිසිල් දියකඳ
නුඹෙ පහස ලබයි සැනෙකින්...
ලදළු සැලෙන පවනින්
තුරු ලතා මඩුලු අතරින්
නුඹෙ මුවග රැඳෙන හසකැන්
මට පෙනේ පුරුදු විලසින්....
මැටි කලේ පිරුණු සිලිලෙන්...
ඉර වඩින සඳලු තලයෙන්
සිප හමන සුවඳ දහරෙන්
නුඹෙ මුහුල සිඹින පවනින්
මම නිවෙමි තවම රහසින්...
මැටි කලේ පිරුණු සිලිලෙන්...